ඉදිරි මහමැතිවරණයට ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් අපේක්ෂකයන් 250 ක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මේ වනවිට 40 දෙනෙකුට නාමයෝජනා ලබාදී තිබෙන බවද හෙතෙම කීය.
අද (01දා) දිනයේදී ආසන සංවිධායකයන් 37 දෙනෙකුට පත්වීම් ලිපි බාරදුන් බවද ෆොන්සේකා මහතා පැවසීය.