මහමැතිවරණය අගෝස්තු 17
පාර්ලිමේන්තුව විසුරවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තුව තෝරා ගැනීම සඳහා වු මහමැතිවරණය අගෝස්තු මස 17 වැනිදා පැවැත්වීමටත් නාමයෝජනා භාරගැනීම ජුලි මස 06 වැනිදා සිට 15 වැනිදා සිදුකිරීමට නියමිතව ඇතැයි ද දේශපාලන ආරංචි පවසයි. පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා විසින් රජයේ මුද්‍රණාලය වෙත යවන ලද ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය කෙරෙමින් ඇතැයි රජයේ මුද්‍රණාලය පැවසීය
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අද (26දා) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ 'අද' ට වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ ඇතැම් පක්ෂ දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
