වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය හා හිටපු මහ බැංකු අධිතිවරයාගේ ක්‍රියාකලාපය අතර වෙනසක් නොමැති නිසා මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.
හිටපු මහ බැංකු අධිපතිවරයා ග්‍රීක් බැඳුම්කර ආයෝජනයෙන් මෙරට මූල්‍ය සංචිත විනාශ කර දැමූ අතර, වර්තමාන මහ බැංකු අධිපතිවරයා විනිවිදභාවයකින් තොරව බැඳුම්කර නිකුත් කරමින් සිටින බවත්, මීට අමතරව බලය අයුතු ලෙස භාවිත කරන බවත් එම සංගමයේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මේ මස 30 වැනිදායින් අවසන් වන මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය යළි දීර්ඝ නොකරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවද දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.