මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකුවේ මුදලින් එක් දිනකට විනෝදාස්වාදය සඳහා රුපියල් 5000 බැගින් වියදම් කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
පසුගිය මාස 11 ක කාලයේදී මහබැංකු අධිපතිවරයා රුපියල් මිලියන 14.5ක් වැය කර තිබෙන බවත්, ඉන් විනෝදාස්වාදය සඳහා පමණක් ලක්ෂ 20කට ආසන්න මුදලක් වැය කර තිබෙන බවත් ඔහු කීය.
ආහාර සඳහා දිනකට රුපියල් 10000ක් පමණ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වැය කර තිබෙන බවද වීරවංශ මහතා සඳහන් කළේය.
එසේම මහබැංකු අධිපතිවරයාගේ රට අභ්‍යන්තරයේ ගමන් සඳහා රුපියල් ලක්ෂ 6 ½ ක්ද, විදේශගත වී සිටි අවස්ථාවේදී ඇඳුම් සඳහා රුපියල් ලක්ෂ 21ක්ද, මහබැංකුව වැය කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.