මහනුවර නගරය පසුකොට පිට පළාත්වලට දිවෙන වාහනවල පහසුව සඳහාත්, මහනුවර නගරයේ ඇති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙසත් නගරයෙන් පිට ස්ථාන හතරක් ආවරණය වන පරිදි නගරය මැදින් උමං මාර්ග පද්ධතියක් ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (සැලසුම්) ඩී.එන්. සියඹලාපිටිය මහත්මිය පැවසුවාය.
ඒ මහත්මිය ඒ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය.
මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මුල්වී සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම උමං මාර්ග ඉදිකිරීමට නියමිත අතර, සුදුහුම්පොළ, අම්පිටිය, ගල්හිඳවත්ත හා තැන්නෙකුඹුර යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම උමං මාර්ග පද්ධතිය ඉදිකරනු ලබන බවද සියඹලාපිටිය මහත්මිය සඳහන් කළාය.