මහනුවර හා ගම්පොල කසළ අංගන දෙකත් අවධානම්
මහනුවර උහගොඩ සහ ගම්පොළ යන කසළ අංගණයන්ද අවදානම් තත්ත්වයක තිබෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(26දා) පැවසීය.
මෙම කුණු කඳු හේතුවෙන් මහවැලි ගඟේ සහ පොල්ගොල්ල ජලාශයේ ජලය අපවිත්‍ර විය හැකි බවට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25දා) පැවැති සාකච්ඡාවකදී අවධානයට ලක්වුණු බවද ඇමතිවරයා කීවේය.
මීට අමතරව මාතර, ගාල්ල,කළුතර,ගම්පහ,පෑලියගොඩ,කැලණිය යන ප්‍රදේශවල පිහිටි විශාල කසළ අංගණ සම්බන්ධවද මෙහිදී සාකච්ඡා වූ බවද ඒ මහතා සඳහන් කළේය.
එම කසළ අංගණ කළමනාකරණය කිරීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ නිකුත් කරන්නැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට ජනාධිපතිවරයා දැනුම්දුන් බවත්, මීතොටමුල්ල කසළ අංගණය සම්බන්ධව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුව විසින් ඉහත කසළ කඳු නඩත්තු කරන්නේ කෙසේදැයි දැක්වෙන අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරන බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම කුණු කඳුවලින් සිදුවන පරිසර හානිය හා අනෙකුත් අනතුරු අවම කිරීම සඳහා ලබන මාසයේ සිට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදෙන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

