එකම පීල්ලක ගමන් කළ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවීමට ගිය අනතුරට අදාළව උදෑසන මහනුවර සිට මාතර බලා ගමන් කරන දුම්රියේ රියදුරු සහායක, ප්රධාන නියාමක හා උපනියාමකගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මහනුවට - මාතර සීග්රඝාමී දුම්රිය සංඥා නොතකමින් ධාවනය කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.
මාතර සිට වව්නියාව දක්වා ගමන්ගන්නා රජරට රැජින දුම්රිය හා මෙම දුම්රිය ගිංතොටදී මුහුණට මුහුණලා ගැටී අනතුරක් සිදුවීමට ගිය අතර රජරට රැජින දුම්රියේ රියදුරුගේ වෑයමෙන් එම අනතුර වැළකින.