මහනුවර ප්රධාන පාසල් දෙකක සිසුන් දෙපිරිසක් ඊයේ (03දා) පස්වරු 3.00 ට පමණ අම්පිටිය ප්රදේශයේදී ඇති කරගත් ගැටුමකින් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කර ඇතැයි මහනුවර පොලීසිය පවසයි.
මෙම සිසුන් උසස් පෙළ හදාරන අයවළුන් බවත්, දිගු කලක් තිස්සේ මෙම පාසල් දෙකේ ආරවුලක් මත මෙම තත්ත්වය ඇති වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මේ ගැටුම සම්බන්ධව මේ වනවිට කිසිවෙකු අත්අඩංගුවට නොගෙන ඇති අතර, මහනුවර පොලිස් අපරාධ අංශය මගින් විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.