මහනුවර සහ අවට ප්‍රදේශවල එළවළු මිළ අද (04දා) වනවිට ඉතා ඉහළ මට්ටමක පැවතිණ.
එළවළු වගා කරනු ලබන ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු මිළ ඉතා ඉහළ මට්ටමක පවතින බව ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති.
මහනුවර ප්‍රදේශයේ බෝංචි කිලෝව රුපියල් 200 දක්වාද, තක්කාලි කිලෝව රුපියල් 250 දක්වාද, අමු මිරිස් කිලෝව රුපියල් 500-600 ත් අතර මිලකද පැවතිණ.
මේ අතර ලොකු ලූනු කිලෝව රුපියල් 100 ත් 120 ත් අතර මිලකට අලෙවි විය.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්