කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි ජුනි මාසයේදී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය පැවසීය. අධිවේගී මාර්ගය අදියර 03ක් යටතේ ඉදිකිරීම් ආරම්භ කරන බවත් මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් පවරා ගන්නා ඉඩම් සඳහා වන්දි ලබා දීම වෙළෙඳපොළ වටිනාකම අනුව සිදු කරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.