පසුගිය 2005 වසර සිට 2013 දක්වා වූ වසර 08 තුළ මහජන බැංකුව බොල් ණය ලෙස රුපියල් බිලියන 4.7 ක් (රු. මිලියන 4,705) කපාහැර ඇති බව ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී හෙළි විය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව නිවේදනය කළේය.
2005 වසර තුළ රුපියල් බිලියන 1.3ක්ද, 2006 තුළ රුපියල් මිලියන 795ක්ද, 2007 වසර තුළ රුපියල් බිලියන 1.015ක්ද, 2008 දී රුපියල් මිලියන 231ක්ද, 2009 දී මිලියන 187ක්ද, 2010 තුළ මිලියන 295ක්ද, 2011 තුළ මිලියන 509ක්ද, 2012 තුළ මිලියන 230ක්ද, 2013 තුළ මිලියන 68ක්ද වශයෙන් ණය කපාහැර ඇත. මෙය සමස්ත ණය ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස 0.14 පමණ වේ.
මෙලෙස මහා පරිමාණ ණය කපාහරින රජය කෘෂිකාර්මික ක්ෂේත්‍ර‘යේ ගොවි ජනතාවට නිකුත්කළ ණය කපාහැරීමට ක්රියාකරනවාද නැද්ද යන්න ප්‍රේමදාස මන්ත්‍රීවරයා පෙරළා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු ලෙස අමුණුගම මහතා කියාසිටියේ එය ප්‍රතිපත්තිමය ලෙස ගතයුතු තීරණයක් බැවින් තමාට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බවයි.