මහජන බැංකු සේවකයන් අද (07දා) සිදුකිරීමට සැලසුම් කළ වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමූ බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
ඉල්ලීම් 04ක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකිරීමට සැලසුම් කර තිබූ බවත්, මහජන බැංකු සභාපතිවරයා පත්කළ අනුකමිටුව විසින් අදාළ ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට ඊයේ (06දා) රාත්‍රි‘යේ පොරොන්දුවූ බවද එම සංගමයේ ලේකම් රංජන් සේනානායක මහතා සඳහන් කළේය.
මෙම ගැටලු ඇතුළු සමස්ත ගැටලුවලට විසඳුම් ලබාදීමට අධ්යක්ෂ මණ්ඩල කමිටුවක් මේ මස 15 වැනිදා වනවිට පත්කර අවශ්‍ය කටයුතු කරන බවටත් කමිටුව ලිඛිතව පොරොන්දුවූ බවද පවසා සිටියේය.