මහජන බැංකුවේ ශාඛාවක සේවකයන්ට තර්ජනය කිරීම සහ අම්පාර ශාඛා පරිශ්රය තුළ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මහජන බැංකුවේ සේවකයන් හත් දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
පසුගිය නොවැම්බර් මස 21 වැනිදා මහජන බැංකුවේ අම්පාර ශාඛාවට පැමිණි ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන සේවකයන් පිරිසක් ශාඛා කළමනාකාරවරයාට තර්ජනය කර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරීත්වය විසින් පැවැත්වූ පරීක්ෂණයකින් පසු මෙම පියවර ගෙන ඇත.
මෙම වෘත්තීය සමිති නියෝජිතයන් මෙලෙස විනය විරෝධී ලෙස හැසිරී ඇත්තේ බැංකු පරිශ්රය තුළවීම නිසා ශාඛා‘වේ රාජකාරි කටයුතුවලටද බාධා එල්ල වී තිබේ.