මහජන අදහස් වාර්තාවේ ඇති සෑම අදහසක්ම, සෑම අකුරක්ම නිසි සැලකිල්ලෙන් යුතුව පාර්ලිමේන්තුව විසින් සලකා බලන බවට කථානායක කරු ජයසුරිය මහතා අද(01දා) සහතික විය.
මාස කිහිපයක් පුරා රටේ සතර දිග්භාගයේම විවිධ සමාජ ස්ථරවල අදහස් ගැඹුරින් අධ්‍යයනය කරමින් මෙවැනි වාර්තාවක් සකස් කිරීමට හැකි වීම ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයක් බවද කථානායකවරයා පැවසුයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ මහජන අදහස් විමසීම් කමිටු වාර්තාව නිලවශයෙන් කථානායකවරයාට බාරදීමේ අවස්ථාව අද(01දා) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.