ලැබී ඇති මහජන අදහස් සැළකිල්ලට ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිලිබඳ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. පොදු මහජනතාවගේ කැමැත්ත අනුව මිස ඉන් බාහිරව කිසිදු කටයුත්තක් කිරීමට රජය සූදානම් නොමැති බව ද ජනාධිපවරයා අවධාරණය කළේ ඊයේ (25දා) ගාල්ල, විද්‍යාලෝක මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම තුළින් මේ රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය සහ ජනතාවගේ නිදහස මෙන්ම ප්රජාතන්ත්රවාදය තව තවත් ශක්තිමත් කිරීම මිස කිසි ලෙසකින් අවුල් සහගත වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම රටට සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම නීති විශාරදයින්, දේශපාලනඥයින් ඇතුළු සියලූ දෙනාගේම වගකීමක් බව ද ජනාධිපතිවරයා පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ පමණක් නොව රජයේ සියලූ කටයුතු පිලිබඳ නිදහස් මාධ්‍ය තුළ විවිධ නිදහස් අදහස් පළවන බව මෙහිදී පැවසු ජනාධිපති සිරිසේන මහතා ඒවා ඇතැම් විට පුදුම සහගත බවත් ජාතියේ යහපත උදෙසා විනා ජාතියේ විනාශය උදෙසා අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍යයන් භාවිතා කිරීමට කටයුතු නොකළයුතු බවත් කියා සිටියේය