මහඉලුප්පල්ලම රජයේ බීජ ගොවිපොළ බංග්ලාදේශයට විකිණීමක් හෝ බදු දීමක් සිදු නොවන බවත් එරට ප්‍රකට බීජ නිෂ්පාදන සමාගමක් සමග දෙමුහුන් බීජ නිෂ්පාදන තාක්ෂණය හුවමාරුව කර ගැනීම පමණක් සිදු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
එම ගොවිපොළේ සේවකයන් සමග අද (22දා) පැවැත්වූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ ආයතනයේ අක්කර 300ක් බංග්ලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150 කට බදු දී ඇති බවට පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් එම ආයතනයේ සේවකයන් දැනුවත් කිරීම සදහා මෙම සාකච්ඡාව පැවැත් වුණි.
වර්ෂයක් තුළ ශ්‍රී ලංකාවට බීජ ආනයනය කිරීමට පමණක් රුපියල් මිලියන 1400ක් පමණ වැය වන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
මහඉලුප්පල්ලම රජයේ බීජ ගොවිපොළෙහි අධ්යක්ෂ ඩබ්.ඒ.කේ කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.