බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් රැජින සිය නිල ‘ට්විටර්’ ලිපිනයෙන් තමන් විසින්ම ප්‍රථම වරට පණිවුඩයක් නිකුත් කිරීම පසුගියදා සිදුවිය.
88 වැනි වියෙහි පසුවන දෙවැනි එළිසබෙත් රැජින සාමාන්‍යයෙන් නවීන තාක්ෂණික මෙවලම් සමග එතරම් ගනුදෙනු නොකරන්නෙකු ලෙස ප්‍රචලිත බැවින් ඇයගේ මෙම ට්විටර් පණිවුඩය වඩාත් කතා බහට ලක්විය.
ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ සිට ටැබ්ලට් පරිගණකයක් මාර්ගයෙන් සිය ප්‍රථම ‘ට්විටර්’ පණිවුඩය නිකුත් කළ එළිසබත් රැජින කියා සිටියේ, ‘ප්රවෘත්ති සහ සන්නිවේදන ඉතිහාසය සම්බන්ධ නව ගැලරිය විවෘත කිරීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා’ යනුවෙනුයි.
බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ‘ට්විටර්’ ලිපිනය සමග මේ වනවිටත් ලක්ෂ 7කට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වී සිටිති.