එළඹෙන මහ මැතිවරණයේදී රජයේ වාහන හා දේපළ භාවිතය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ඉල්ලීමක් කළ බව පැෆරල් සංවිධානය පවසයි. මේපිළිඳව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. මේ අතර දූෂිත අපෙක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔවුන් පරාජය කිරීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.