ජනාධිපතිවරණයට පෙර ජනතාව තුළ තිබු බලාපොරොත්තු තවම ඉටුවී නොමැති බවත්, ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනු වෙනුවට මහ මැතිවරණයට කුණු ගොඩවල් කිහිපයක් ඉදිරිපත්වී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවසීය. මේපිළිබඳ තීරණ ගැනීම මහජනතාව සතු බවත්,එමනිසා මහ මැතිවරණයට තම පක්ෂයද ඉදිරිපත්වන බවත් අද (01දා) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය