නව මහ බැංකු අධිපති තව පැය කිහිපයකින් පත්වෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ සිවිල් සංවිධානයන්හි අදහස් මෙන්ම ජනතාවගේ අදහස්ද සැලකිල්ලට ගෙන ජනපතිවරයා විසින් නව මහ බැංකු අධිපති පත්කරනු ඇති බවයි. ඔහු පැවැසුවේ වසරක කාලයක් සඳහා නව මහ බැංකු අධිපති පත් කරන බවයි.