සාම්පූර් මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයේදී ඇමෙරිකානු තානාපති ඉදිරියේදී නාවික හමුදා නිලධාරියෙකුට නැගෙනහිර මහ ඇමතිවරයා විසින් බැණවැදීම කිසිසේත්ම අනුමත නොකරන බව නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,
"එම අවස්ථාවේ මම මහා ඇමතිවරයාට සංසුන් වන ලෙස කිව්වා. ඔහු ආණ්ඩුකාරවරයා ලෙස මම කියපු දේටවත් ඇහුම්කන් දුන්නේ නැහැ. මේ සිද්ධියට මුහුණදුන් නාවික හමුදාවේ විදුර කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතා කියන්නේ නැවත පදිංචි කිරීම් සිදුකරන සාම්පූර් ගොඩනැගීමේ ක්‍රියාවලියේ ඇපකැප වී කටයුතු කරන දක්ෂ නිලධාරියෙක්.
එවැනි නිලධාරියෙකුට මහ ඇමතිවරයා බැණවැදීම පිළිබඳව මම කනගාටු වෙනවා. මම හිතන්නේ නැහැ ඉදිරි කටයුතුවලදි මහ ඇමතිවරයාට ආරක්ෂක අංශවලින් සහායක් ලැබෙයි කියලා" යැයි පැවසීය.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව