දිවා ආහාරය ගනිමින් සිටි සත්දරු පියෙකු ඌරු මස් කැබැල්ලක් උගුරේ හිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බොරලැස්ස ප්රදේශයේ පදිංචිව සිටි වර්ණකුලසූරිය ජෝශප් පිටර් ප්රනාන්දු (අවු.69) නමැත්තෙකි.
මරණකරු පසුගියදා (20දා) සිය නිවැසියන් සමග දිවා ආහාරය ගනිමින් සිටියදී මස් කැබැල්ලක් උගුරේ හිරවීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිව මාරවිල රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
චන්දන ප්රනාන්දු