යහපාලන අාණ්ඩුව මේ ආකාරටම ඉදිරියට පවත්වාගෙන යෑමටත් එහි ප්රගතිය සළකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවාද නැත්ද යන්න මසකින් තීරණය කරන ලෙසත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීන්ට පවසා ඇත.
ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර අද (19දා) ජනපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.
එසේම ආණ්ඩුවක් ලෙස ඉදිරියේදී දැඩි තීන්දු තීරණ කිහිපයක්ම ගන්නා බවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරන බවත් ජනපතිවරයා මෙහිදී පවසා ඇත.