අවශ්‍ය තරම් සහල් පාරිභෝගිකයන්ට පහසුවෙන් හා දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂය බැගින් මාසිකව ආනයනය කිරීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් අනුකාරක සභාව මෙම තිරණය ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙ.ටොන් 24 ලක්ෂයක් පමණ වේ. මෙම වසරේ දී මේ වන තෙක් සහල් මෙ.ටොන් 670,000ක් පමණ ආනයනය කර ඇත. එය වාර්ෂික පරිභෝජනයෙන් 30%ක් පමණ වේ.
ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු දක්වා හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම පිණිස ඕනෑ ම පෞද්ගලික වෙළෙඳ ආයතනයකට සහල් ආනයනය කිරීමට අවසර ලබා දීමටද රජය තීරණය කර ඇත.