ඉදිරියේදී දුම්රිය මගින් මසකට පිටි ටොන් 15,000ක් ප්‍රවාහනය කිරීමට බලාපොරාත්තු වන බව දුම්රිය සාමාන්යධිකාරීබී.ඒ.පී. ආරියරත්න මහතා පැවසීය.
චීන වරායේ සිට ගාල්ල සහ සීදූව දක්වා ප්‍රීමා පිටි තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සඳහා ඊයේ(27දා) දිනයේදී ගිවිසුමකට අත්සන් කළ බවත්, මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රීමා සමාගම විසින් කන්ටේනර් ප්‍රවාහනය කරන දුම්රිය ගැල් රථ 15ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවත් පැවසූ සාමාන්‍යධිකාරීවරයා එමගින් මසකට රුපියල් මිලියන එකොළහක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බවද කියා සිටියේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායාම් තත්ත්වය ඉහළ නැංවීමත්, කන්ටේනර් ප්‍රවාහනයේදී ඇති වන මාර්ග තදබදය අවම කිරීමත්, පරිසර දූෂණය අවම කිරීමත් අරමුණු කරගනිමින් ආරම්භ කළ දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘතිය දියත්වන බවද ඒ මහතා කීය.