63 හැවිරිදි තම මවට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ බව කියන 43 න් හැවිරිදි සැකකාර පුතෙකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (26දා) අලුයම 5.30 ට පමණ සැකකාර පුතා තම මවගේ ඉන ප්රදේශයට පිහියෙන් ඇන තිබේ. පසුව ඔහුගේ සහෝදරයන් දෙදෙනා සැකකරුට පහරදී ඇත.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම සිදුවීම සිදුව තිබෙන අතර මව හා සැකකරු මහනුවර මැද රෝහෙලේ ප්රතිකාර ලබයි.