අවිවාහක අවුරුදු 19 ක කාන්තාවක විසින් අද (12දා) පස්වරු 6.00 ට පමණ ප්රසූත කරන ලද බිළිඳෙකු තම නිවසේ ගෙවත්තේ දමා තිබීයදී ආගරපතන ඩයගම පොලීසිය විසින් රාත්රී 7.00 ට පමණ සොයාගෙන තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත ගෙවත්ත පරික්ෂා කිරීමේදී මෙම බිළිඳා සොයාගෙන තිබේ. අදාළ බිළිඳා ඩයගම ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, බිළිදා ප්රසූත කළ මව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.