මවගේ පහරදීමක් හේතුවෙන් සිවුහැවිරිදි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
මඩකලපුව කාත්තාන්කුඩි පදිංචි මව විසින් ඊයේ (14දා) රාත්රියේ පහර දීම සිදුකර ඇති අතර, පහර කෑමට ලක්වූ එම දරුවා ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදුවීමට අදාළ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවාගේ සිරුර මඩකලපුව ශික්ෂණ රෝහලේ තබා ඇතැයිද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මඩකලපුව - ජවුෆර්කාන්