තම මව සහ සුළු පියා එක්ව සිදු කළ පහරදීමකින් මින්නේරිය මහරත්මලේ ප්රදේශයේ පදිංචි සිවුහැවිරිදි කුඩා දරුවෙකු අද (04දා) මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය පවසයි.
දිලීප එරංග බණ්ඩාර නම් කුඩා දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
සැකකාර මව සහ සුළු පියා විසින් මියගිය කුඩා දරුවාගේ සිරුර අද පස්වරුවේ හිඟුරක්ගොඩ රෝහලට එක්ව රැගෙන විත් ඇති අතර එහිදී ඇතිවූ සැකය හේතුවෙන් භාරකරුවන් දෙදෙනා රෝහල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මින්නේරිය පොලීසිය වෙත භාර දී ඇත.
මින්නේරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන සිදුකරයි.