කොළඹ බේස්ලයින් මාර්ගයේ මවුන්ට් මේරි ප්ර‘දේශයේදී පදික මාරුවන ස්ථානයකින් ගමන් කළ මවක් හා දියණියක් මරණයට පත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි මෝටර් රථය පැදවූ 15 හැවිරිදි මොහොමඩ් ශරිප් මොහොමඩ් ෆාරුක් නැමැත්තා මේ මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
මීට අමතරව රියඅනතුර සිදුකළ එහි රියදුරු ලෙස කටයුතු කළ තැනැත්තාගේ මව වන 35 හැවිරිදි ශකිලා කානු මොහොමඩ් නැමැත්තිය මේ මස 25 වැනි දින දක්වාත් රක්ෂිත බන්ධනාගාර කර තිබේ.
පදික මාරුවේදී මෝටර් රථයේ ගැටුණු මවක් සහ දියණියක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇත. පසුගිය 16 වැනි දින මෙම අනතුර සිදුවී තිබේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ