සිය මව විසින් ගෙල මිරිකා පහරදුන් බව කියන බාල වයස්කාර දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය කියයි. ඊයේ (31දා) උදෑසන අවුරුදු 6ක් වන පාතිමා සපියා යන දැරිය රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ පිළිබඳව මියගිය දැරියගේ සහෝදරයෙක් වන අවුරුදු හතක් වයසැති දරුවෙකු පවසා ඇත්තේ මව විසින් දැරියගේ ගෙල මිරිකා පයින් පහරදුන් බවයි.
සිද්ධිය සම්බන්දයෙන් දරියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලීසිය කියයි.