යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් ඊයේ (29දා) රාත්‍රියේ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමග යුද උපකරණ රැසක් සොයාගත් බව චාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.
මරවන්පුලව් ප්‍රදේශයේ පිහිටි නිවසක සිදුකළ හදිසි සෝදිසියකදී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.
එහි තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, ක්ලේමෝ බෝම්බ 4ක්,පුපුරණ ද්‍රව්‍ය 08ක් පමණ අඩංගු පාර්සල් 3 ක්, පතොරම් පැකට් 10 ක් සහ බැටරි පැක් දෙකක් සොයාගෙන තිබේ.