කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුර සදහා නැවත මර්වින් සිල්වා අමාත්‍යවරයා පත්කිරීමට තමන් හා කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 12 දෙනාම විරුද්ධ බව කැළණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර මහතා සඳහන් කළේය. එසේම නැවත එවැනි පත්කිරීමක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය.
අද (18) කැලණිය ප්‍රාදේශීය සභාවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟ කිසිම ආකාරයකින් දේශපාලනයක දීමට තමන් හා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් සුදානම් නොමැති බවයි. මර්වින් අමාත්‍යවරයා හැර පත්කරන ඕනෑම සංවිධායකවරයෙකු සමඟ කටයුතු කරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශකර සිටියේය.