ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා වගේම අපේ තරුණ පරපුර විනාශ කරන මේ දේවලුත් කරන අයට තරාතිරම නොබලා කටයුතු කරන්න කියලා. ඒ මැතිඇමතිවරුන් යනවානම් යන්න දෙන්න අපි ඔබතුමාගේ ආණ්ඩුව ශක්තිමත් කරන්න රටේ ජනතාව සමග එකත් වෙලා ඉන්නවා
2007 වසරේදී මර්වින් සිල්වා කැලණියේ ආසන සංවිධායකවීමෙන් පසු මත්පැන් බලපත්‍ර තුනක් ලබාදුන් බව කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ප්රමුඛ මන්ත්‍රීවරුන් දසදෙනෙක් විසින් අද (09දා) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසූහ'
“මර්වින් සිල්වා ඇමතිතුමා 'මූන්' යන්නෙන් අදහස් කරන්නේ ජනාධිපතිතුමාවත් මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන්වත් මොහු පක්ෂය තුළ සිට පක්ෂයටම වින කරමින් විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන කුමන්ත්රණකාරී බලවේගයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔහුට සුරාසල් පිළිබඳ කතා කිරීමේ සදාචාර සම්පන්න අයිතියක් නැහැ. 2007 ඔහු ආසන සංවිධායකවීමෙන් පසු සුරාසල් කිහිපයකටම බලපත්‍ර ලබා දුන්නා" යැයි හෙතෙම පැවසීය.
"ජනාධිපතිතුමාට අපි කියන්නේ අපි කැලණියේ ඉපදුණු අය විදියට මුළු කැලණියේම සුරාසල් වැසිය යුතුයි. නමුත් මර්වින් සිල්වාට ඒ පිළිබඳව කතා කරන්න අයිතියක් නැහැ. අපි කියන්නේ සුරාසල් පමණක් නෙමේ එතනෝල් ගෙන්වන දේශපාලකයෝ කැලණියේ ඉන්නවා. මුළු ලංකාවම දූෂණය කරන මත්කුඩු, මත්පෙති ගෙන්නන්නේ කවුද කියලා මුළු රටම අද බලන් ඉන්නවා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා වගේම අපේ තරුණ පරපුර විනාශ කරන මේ දේවලුත් කරන අයට තරාතිරම නොබලා කටයුතු කරන්න කියලා. ඒ මැතිඇමතිවරුන් යනවානම් යන්න දෙන්න අපි ඔබතුමාගේ ආණ්ඩුව ශක්තිමත් කරන්න රටේ ජනතාව සමග එකත් වෙලා ඉන්නවා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
අමිල පළිහවඩන