පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය තිබේ නම් එළැඹෙන වසරේ සිට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත්, ඔහුට ඇති විධායක බලතල අනුව එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජනපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතුව ඒ පිළිබඳව වඩා ප්රජාතන්ත්රවාදී ප්‍ර වේශයක් ගැනීම විය හැකි බවත් ඔහු කියයි.
එසේ වුවත් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙයට පරස්පර මතයක් ජිනීවාහිදී පවසා තිබෙන බවත් රටේ ජනතාව පිළිගත යුත්තේ කවරක්ද යන්න බවත් නොවැටහෙන බවත් ඔහු කියයි.
එහෙයින් මරණ දඩුවම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරත්වය රටට හෙළිකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනය.