අතුරුදන් වූ බව හෝ මියගිය බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළ හැකි පරිදි 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
අතුරුදන් වූ හෝ මියගිය බව කියන පුද්ගලයා ගැන කිසිදු තොරතුරක් නොමැති අවස්ථාවක මරණ සහතිකයක් නිකුත් කිරීමට නොහැකි වීම නිසා එකී පුද්ගලයාගේ ඥාතීන්ට කිසිදු හිමිකමක් ලබා ගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන්ට හිමිකමක් ලබාගත හැකි පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට නියමිතය. ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.