අධිකරණ අමාත්‍යාංශය පත්කරන ලද විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වු නිමල් ඊ. දිසානායක, කමිටුවේ නිර්දේශය මත මරණ දඩුවමට නියමව සිටින සිරකරුවන් අතරින් 70 දෙනෙකුට ජනපති අනුමැතියෙන් ජීවිත සමාව ලබා දීමට පියවර ගෙන තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අධිකරණ අමාත්‍යාංශය විසින් කරන ලද නිර්දේශයන් සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් 2015 දෙසැම්බර් මස පළමු වරට සිරකරුවන් 34 දෙනෙකුට ජනාධිපති නියමයෙන් ජීවිත සමාව ලබා දීමට පියවර ගෙන ඇති අතර 2016 අප්‍රේල් මස 22 වන දින තවත් සිරකරුවන් 83 දෙනෙකුට මරණ දඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමි ව තිබේ.
ඊට අමතරව මෙම විශේෂ කමිටුව විසින් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන මරණ දඩුවමට නියමව සිටින තවත් සිරුකරුවන් 70 දෙනෙකුට මරණ දඩුවම වෙනුවට ජීවිත සමාව ලබාදීම සදහා අවශ්‍ය නිර්දේශ අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශයකට අනුව 2016 මැයි මස 22 වන දින සිට ඊට අනුමැතිය ලැබී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.