අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් 99 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මීට අමතරව මියගිය ප්‍රමාණය 194 දක්වාත්, තුවාල ලැබූ ප්‍රමාණය 112 දක්වාත් ඉහළ ගොස් තිබේ.
අද (30දා) දිනය වනවිට නිවාස 6,163 ක් විනාශයට පත් වී තිබෙන අතර, මෙම ප්‍රමාණයෙන් නිවාස දහසකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ව තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 15කට අයත් පවුල් 157,177කට අයත් පුද්ගලයන් 604,713 ක් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැඩිම පිරිසක් මියගොස් තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි වන අතර, එම සංඛ්‍යාව 79 කි. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ 62 ක්, මාතර දිස්ත්‍රික්කයේ 27 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 05 ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 13 ක් හා ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල 04 ක් වශයෙන් පුද්ගල මරණ වාර්තාවේ.