දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 111ක් දක්වාත් වර්ධනය වී තිබේ. එසේම තුවාල ලැබූවන් 95 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප.ව. 6.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 112565කට අයත් පුද්ගයන් 438295ක් අවතැන්ව සිටිති. නිවාස අර්ධ හානි 1785ක් හා පූර්ණ හානි 250ක්ද වාර්තා වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. අතුරුදන් සංඛ්‍යාව 20කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 47කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 28270කට අයත් පුද්ගලයින් 114161ක් අවතැන්ව සිටිති.