හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරානයක මහත්මිය ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට ඊයේ (25දා) එක්වුණාය.
උත්වසය අවසන් වූ පසු මාධ්‍යවේදියෙකු හිටපු ජනපතිනියගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් රාජපක්ෂ මහතා එක්ව වෙනත් පක්ෂයක් සෑදීම පිළිබඳව විමසා සිටියේය.
එයට පිළිතුරු දුන් හිටපු ජනපතිනිය පැවැසුවේ "මම පක්ෂයේ සභාපති වෙලා හිටිය නම් කරන්න ඕන දේ මම දන්නවා. අනික් අයගේ අතේ තියන ඒව ගැන කියන්න මම දන්නෙ නෑ" යනුවෙනි.