පසුගිය දස වසරක කාලය තුළ ආණ්ඩුව වැරදි කළා නම් ඒ සඳහා සමස්ත කැබ්නට් මණ්ඩලයම වගකිව යුතු බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මිනිවන්ගොඩදී අද (30දා) පැවැති සන්ධාන රැළියේදී අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
එසේම එක්සත් ජතික පක්ෂය තම් ඡන්දට ඉදිරිපත්වන විට භිය වන බවතැ සඳහන් කළේය.
"එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා නෑ. එයාලට ගිය පාරත් දාගන්න බැරිවුණා. එයාලා ගිය පාර දැම්මා ෆොන්සේකා මහත්තයව. මගේ හමුදාපතිව අරගෙන. මේපාරත් එයාල බයවුණා. මහින්ද රාජපක්ෂ කිවුවම එක්සත් ජාතික පක්ෂයේ කකුල් ඡන්දෙට බය වෙනවා. කවුරුහරි බිල්ලට දීලා තමන්ගේ විපක්ෂනායකකම රැකගන්න විතරයි රනිල් වික්රමසිංහට ඕන. වෙන කිසිදෙයක් ඕන නෑ. මොකද මම දන්නවානේ එයාව. කෝපි එකක් දුන්නම ඔක්කොම හරි. දැන් මම ආප්ප කන්න දෙන්නේ නෑ කාටවත්. කෝපි තමයි දෙන්නේ. මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ අයට තහනම් කරලා තියෙනවා මගෙන් ගිහිල්ලා කෝපි එකක් බොන්න එපා කියලා. මම වැරදි කළා නම්, මේ ආණ්ඩුව වැරදි කළා නම් ඒකට හැම කැබනට් ඇමතිවරයෙක්ම සාමූහිකව වග කියන්න ඕන."