එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පක්ෂය හැර නොයන බවට කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
"මම සම්බන්ධයෙන් විවිධ කතා පැතිර යනවා. මම එක්සත් ජාතික පක්ෂය යටතේ උපන් දරුවෙක්. මගේ පියා එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකයක්. මම මගේ පියාට අවමන් කරන කිසිදු තීරණයක් ගන්නෙ නැහැ. මම එක්සත් ජාතික පක්ෂය හැරයන්නෙ නැහැ."