දේශපාලනයේදී තම ගමන දෛවය විසින් තීරණය කරනු ඇති බවත් හිටපු ජනපති මෙන්ම තම පියා වන මහින්ද රාජපක්ෂ මහතාට තමාව බලයට ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂ මහතා 2025 දී බලයට ගෙන ඒම සඳහා මහින්ද රාජාපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරන බවයි.
මෙම ප්‍රකාශය පිළිබඳව මන්ත්‍රීවරයා විසින් සතිපතා 'අද' පුවත්පතට සම්පාදනය කරන කුරහන් සුවඳ තීරු ලිපිය හරහා සිය ප්‍රතිචාරය දැක්වීය.
'මුලින්ම සඳහන් කළ යුතු වන්නේ මාව බලයට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතාට වුවමනාවක් නැති බවයි. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ මා යන තැන මගේ දෛවය තීරණය කරනු ඇත. මම තවදුරටත් දේශපාලනයේ නිරත වෙමි යන්නයි. එස්.බී. දිසානායක යනු දේශපාලනය වසර කිහිපයක් කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකි. කෙසේ වෙතත් ඔහුගේ දේශපාලනය ගැන ජනතාව හොඳාකාරවම දනී. ඉතින් එවැනි අයෙක් කරන මෙම ප්‍රකාශ වැදගත් නොවේ.'