අනාගත ජනාධිපති අපේක්ෂකයා තමා වනවාද යන්න මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම විසින් තීරණය කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ගොඩකවෙලද ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම තමන් ජනපතිවරණයට ඉල්ලනවාද නැත්ද යන්න පිළිබඳව තවම තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පැවැසීය.
“අපේ පවුල හරිම සමගියෙන් ජීවත්වන පවුලක්. මම දේශපාලන වශයෙන් ඉදිරියට එනවාට පවුලේ කිසිම කෙනෙක් විරුද්ධ නෑ. රාජපක්ෂ පවුල අදර්ශවත් පවුලක්.
ව්‍යවස්ථා සංශෝධනය ගැන මට හිතෙන්නේ විධයක ජනාධිපති ධුරය තිබීම හොඳයි කියලා. අපි යුද්ධය දිනුවේ විධායක ජනාධිපති ක්‍රමය තිබුණ නිසා. පාර්ලිමේන්තුවට විධායක බලය තිබුණා නම් මෙවැනි ජයග්‍රහණයක් ලබන්න බැරි වෙනන ඉඩ තිබුණා. විධායක ජනාධිපති ද අගමැති ද කියන එක නෙවෙයි වඩාත් වැදගත් වෙන්නේ ඒ තනතුර දරණ පුද්ගලයායි.’’
අජිතලාල් ශාන්ත උදය/කොලොන්න නානායක්කාර