තමන් වහන්සේ පිළිබඳව තමන් වහන්සේ බලා ගන්නා බවත් තමන් වහන්සේට මතුව ඇති ගැටලුව තමන් වහන්සේම විසඳහා ගන්නා බවත් බොදු බල සේනා ජාලයේ මහ ලේකම් පූජය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
විශේෂ ප්රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කරනේ රටේ තරුණ ප්රජාව එක්ව මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසත්.
එසේම මේ වන විට ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය පහව යන ලෙසට ප්රාර්ථනා කරමින් සෑම නිවසකම සක් දෙවිඳුන්ට පහනක් දල්වන ලෙසඳ උන්වහන්සේ පවසති.
ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලීසිය කටයුතු කරන බව ඊයේ (25දා) නිවේදනයක් නිකුත් කළ අතර උනවහන්සේට විදෙස් ගත වීම අධිකරණය මගින් තහනම් කොට තිබේ.