(VIDEO) ශ්‍රේෂ්ඨාධිකරණය හරහා තමන්ට සාධාරණයක් ඉටුවෙන බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට ගීතා කුමාරසිංහ මහත්මිය නුසුදුසු බවට අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15දා) නියෝග කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් දැක්වීය.
එසේම මෙම අවස්ථාව නීති ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් බවත් ඇය සඳහන් කළේය.
“සාධාරණයක් ඉෂ්ඨ කරගන්න අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබී තිබෙනවා.මේක මේ රටේ නීති ඉතිහාසයේ ඉතාමත් වැදගත් ස්ථානයක්. ඒවගේම ජනතාවට මේ පිළිබඳව ලොකු විශ්වාසයක් ඇතිවෙයි කියා සිතනවා. ඇත්තටම මේක මට සතුටුදායක දිනයක්. මම වැරැද්දක් කරලා නෑ කාටවත්, මම අනිවාර්යයෙන් දන්නවා මට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා.”