ශ්‍රී ලංකා ජාතික ටී. මහේෂවරන් නැමැති වෛද්‍යවරයා තමිල්නාඩුවේ තිරුචි ප්‍රදේශයේ විශේෂ රඳවාගැනීමේ කඳවුරක රඳවා තබාගැනීමට ගත් තීරණය පිළිබඳ සලකා බලන ලෙස මදුරාසි මහාධිකරණය තමිල්නාඩු රජයට දැනුම් දී තිබේ.
සිවිල් යුද සීමාව තුළදී මෙම වෛද්‍යවරයා හා ඔහුගේ පවුලේ ඉන්දියාවට ගොස් තිබෙන අතර පසුව අණාවරණය වී තිබෙන්නේ මහේෂ්වරන් යුද්ධයේදී තුවාල ලත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් පුහුණුකර තිබෙන බවයි.
ඉන් අනතුරුව ඔහු රඳවා ගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ මදුරාසි මහාධිකරණය මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව හින්දු පුවත් සේවය අද (18දා) වාර්තා කළේය.