වසර ගණනාවක් පුරාවට විදුලිබල මණ්ඩලයට සේවය සැපයූ මනු කියවන්නන් ස්ථිර සේවයට බඳවාගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව පළමු පියවර ලෙස ලබන බදාදා (08දා) ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සුදුසුකම් සපුරා ඇති සියල්ල කෙටි කාලයක් තූළ ලංවිම ස්ථීර සේවයට බඳවා ගැනීමට සූදානම් බවද තවමත් ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය නොකළ මිනිස්බල සේවකයන් ලංවිම ස්ථිර සේවයට බඳවා ගැනිමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශකළේය.