මනාප ඉලක්ක කරගෙන මැතිවරණයේදී ජනතාවට නොයෙකුත් දෑ බෙදන්නේ අධ්‍යාපනයක් නොලැබූ අයයි
මනාප ඉලක්ක කරගෙන මැතිවරණයේදී ජනතාවට නොයෙකුත් දෑ බෙදන්නේ අධ්‍යාපනයක් නොලැබූ අය බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පැවසූයේය.
හෙතෙම මේබව පැවසූයේ ඊයේ(27දා) අලුත්කඩේ බටහිර කොට්ඨාශයේ පැවැති ජනහමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා
“ සමහර උදවිය කියයි අපි එක්සත් ජාතික පක්ෂයේ ඒ නිසා අපිට ඡන්දේ දෙන්න කියලා. සමහර උදවිය කියයි කොළ පාට නිසා ඡන්දේ දෙන්න කියලා. දැන් අවුරුදු 50ක් එක්සත් ජාතික පක්ෂය කියනවා කොළඹ නගර සභාව අපේ කියලා. හැබැයි මැද කොළඹ කියන්නේ කොළඹ නගරයේ අපාය.
අපි දැකලා තියෙනවා කොල්ලුපිටිය පැත්තේ ලස්සන ගෙවල් තියෙනවා, මාලිගා තියෙනවා. හැබැයි අපේ මැද කොළඹ ගෙවල් හැමදාම පැල්පත්, වතු. අපි ඒ තත්ත්වේ යටතේ තමයි දිගින් දිගටම ජීවත් වුණේ. ඒනිසා එක්සත් ජාතික පක්ෂයේ නගර සභාව තුළින් තමුන්නාන්සේලට මොනවද ලැබුණේ? හොඳ ගෙවල් ලැබුණද? හම්බුණාද? අවුරුදු 50ක්ම තමුන්නාන්සේලා හිටියේ වත්තේ. තමුන්නාන්සේලාගේ දරුවන්ට අධ්‍යාපනයක් ලැබුණද? මෙතන ඉන්න බහුතරයක් කරන්නෙ එක්කෝ පදික වේදිකා වෙළෙඳාම, නැත්තං ත්‍රිවීල් රථයක් දුවනවා. මම අද මේ සමාජයේ මේ තත්ත්වයෙන් ඉන්නේ අධ්‍යාපනය නිසා. මට ආසයි අම්මේ තාත්තේ ඔයගොල්ලොන්ගේ දරුවන් හොඳට ඉගෙනගෙන වෛද්‍යවරු, ඉංජිනියර්වරු, ගුරුවරු වෙනවා දකින්න. තමුන්නාන්සේලාට අධ්‍යාපයක් දෙන්න. අධ්‍යාපනයක් නොලබපු කෙනෙක් දේශපාලනය කරනකොට ටකරං බෙදනවා, ෂීට් බෙදනවා, බුරියානි බෙදනවා, ඒවත් ගන්න. හැබැයි තමුන්නාන්සේලා වෙනුවෙන් හිටියේ අපි විතරයි. ” යනුවෙන් පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


