බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය සඳහා මනාප අංක ලබාදීම හෙට (11දා) සිදුකරන අතර, මනාප අංක ලබාගැනීමට පැමිණීමේදී අපේක්ෂකයාට හා පක්ෂයේ ලේකම්වරයාට පමණක් කච්චේරි භූමියට ඇතුළු විය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.
ඔවුන්ට අමතරව වෙනත් කිසිම පුද්ගලයෙකුට කච්චේරි භූමියට ඇතූළුවිය නොහැකි බවත්, කච්චේරිය ආසන්න ප්රදේශයට වාහනයෙන් ගමන් කළ හැක්කේ අපේක්ෂකයාට පමණක් බවත් පොලිස් මූලස්ථානය පවසයි.